ගෘහස්ත විදුලි බිල 50%කින් පහළට – විදුලිබල මණ්ඩලයට පාඩුවක් ?

ජූලි මස පළමුවැනිදා සිට විදුලි බිල අඩුවීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ධනුශ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.

ගෘහස්ත විදුලි ඒකකයක මිල 50% කින් අඩුවන බවයි ඒ මහතා පවසන්නේ.

මෙසේ මිල අඩුකිරීම හේතුවෙන් එම ආයතනයට පාඩුවකට මුහුණ දීමට සිදුවන බවත් ඒ මහතා අවධාරණය කරනවා.

ඒකක අඩුවීමක් සිදුවුණත් කර්මාන්තවල ඒකක අඩුවීමක් සිදුනොවන බව ඒ මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ධනුශ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ ,

අසාමාන්‍ය ලෙස විදුලි බිල අඩු කිරීම මණ්ඩලයට අහිතකර බවත්, විදුලිබල මණ්ඩලයේ පැවැත්ම වෙනුවෙන් සාධාරණ මුදලට විදෙස් ආයෝජන අවශ්‍ය බවයි.

පසුගිය මාස 6 විදුලිබල මණ්ඩලය ලාබ ලැබූ අතර එහි ලාබය ජනතාවට ලබාදිය යුතු බැවින් මෙලෙස විදුලි බිල අඩුකරන බවයි ඔහු පැවසුවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!