වසර 24කට වතාවට පුටින් උතුරු කොරියාවට

රුසියානු ජනාධිපති Vladimir Putin වසර 24 කට පසු Pyongyang වෙත සිය පළමු සංචාරයට පෙර යුක්‍රේනයේ මොස්කව් යුද්ධයට සහාය දීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට ප්‍රශංසා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (18) උතුරු කොරියානු නායක Kim Jong Un හමුවීමට රුසියානු ජනාධිපතිවරයා අගනුවරට පැමිණෙනු ඇති බව අපේක්ෂා කරන බවත් එම මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නායකයන් දෙදෙනා අවසන් වරට හමුවූයේ සැප්තැම්බර් මාසයේදීයි.

ඒ රුසියාවේ ඈත පෙරදිග පිහිටි Vostochny cosmodrome හිදී.

නමුත් 2000 වසරෙන් පසු පුටින් මහතා Pyongyang වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

පුටින් මහතා ඔහුගේ නව ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් සමග පැමිණීමට නියමිත අතර විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ද නියෝජිත පිරිසට සහභාගී වන බව එරට මාධ්‍ය පවසනවා.

කිම් මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේ රුසියාව සමග ඇති සබඳතා “සහයුරන්ගේ නොබිඳිය හැකි සබඳතාවයක් දක්වා වර්ධනය වී ඇති” බවයි.

උතුරු කොරියාවෙන් පසු පුටින් මහතා කොමියුනිස්ට් රාජ්‍යයක් සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන වියට්නාමයට පැමිණීමට අපේක්ෂා කරන අතර එහිදී දෙරටේ වෙළෙඳාම වැනි කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!