උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඩිල්ෂාන් වීරසිංහ පවසයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරියගම පිහිටි උළු නිෂ්පාදන කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ නවීකරණය කර එහි නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමටත්, උළු හා ගඩොල් නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දී එම අංශයේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට හා පිඟන් ගඩොල් කර්මාන්තශාලාවක් ආරම්භ කර පිඟන් ගඩොල් නිෂ්පාදනය ආරම්භකිරීමටත් කටයුතු කරන බවද නව සභාපතිවරයා පැවසීය. එසේම “ ලංකා පෝසිලෙන් ” (Lanka Porcelain) නාමය යටතේ ඉදිරියේදී නාන කාමර උපාංග නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපති ඩිල්ෂාන් වීරසිංහ වැඩිදුරටත් පැවසීය.
පුද්ගලික හා රාජ්‍ය අංශයේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 20 කට වඩා වැඩි අත්දැකීම් හා පලපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයෙක් වන ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.