ධාවනය වෙමින් තිබූ බසයේ රියදුරු අසුනේදීම මියගිහින්

නුවරඑළියේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරා, එම බස් රථයේම රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා වනවා.

රියදුරුගේ ජීවිතක්ෂය හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව පොලිසිය පවසනවා.

ධාවනය වෙමින් තිබු බස් රථය තුළදි ම ජිවිතක්ෂයට ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කළ 39 හැවිරිදි රියදුරෙකි.

නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ සේවයේ යොදවා තිබූ එම බස් රථය කාර්මික දෝෂයකට ලක්විම නිසා එහි ගමන් ගත් මගීන් වෙනත් බස් රථයකට මාරුකර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර, බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළි නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට හදිසි රෝගි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ළිඳුල පොලීසිය වෙත දැනුම්දිමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් රියදුරු අසුනෙන් රියැදුරුවරයාව ඉවත් කර ඔහුව ළිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් තිබුණත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!