ධනිෂ්ක ගුණතිලකගේ නීතිඥයාට සජබ සංවිධායක පුටුවක්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතාට සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ සංවිධායක ධූරයක් පිරිනමා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක් හා සම්බන්ධව ‍ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට අධිකරණයේ ගොනු වුණු නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ චානක සේනානායක මහතායි.

ශ්‍රී ලංකාවේ සිට ඩොලර් පිටරටට ගෙන ගිය ආකාරයත් ඒවා නැවත ලබා ගැනීම පිළිබඳවත් ඒ මහතා විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!