දඹුල්ල තන්ඩර්ස් හිමිකරු යළි රිමාන්ඩ්

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළ බවට දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (31) නියෝග කර තිබෙනවා.

සැකකරු තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය අධිකරණයේ නියෝගය පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 දින සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!