රුසියාවට ප්‍රහාර එල්ල කළේ IS – මෙන්න ප්‍රහාරකයින්ගේ තොරතුරු (VIDEO )

රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම අයි.එස්. සංවිධානය විසින් බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරකයින් සිව්දෙනෙකු ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර විනාඩි 15 ක් හෝ 20 ක් අතර කාලයක් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරකයන් සුදු පැහැති මෝටර් රථයකින් පළාගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මොස්කව්හි රැස්වීම් ඉලක්ක කිරීමට සැලසුම් ඇති බවට මීට පෙර අමෙරිකාව අනතුරු අඟවා තිබුණා.

මෙම ප්‍රහාරයෙන් 60දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාවේ රඟහලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී කිසිදු ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

…………………………………………….

රුසියාවේ මොස්කව් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් පමණ මරුට

රුසියාවේ මොස්කව් නගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ ස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින්අ පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!