ශ්‍රී ලංකාව මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් ICCයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් ප්‍රශ්නයක් පිළිබඳ තොරතුරු පසුගිය දිනක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේ T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙකු ද පත්කර අමෙරිකාව යවා ඇති බවයි.

“ශ්‍රී ලංකා කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම ගුවන්යානා තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ගුවන්තොටුපොළේ අතරමංවීමක් සිදුවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ICCයට දැනටමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

ඒකට හේතුව එක එක රටවලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ.

බංග්ලාදේශ කණ්ඩායම තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ කිලෝමීටර් ගාන බැලුවොත් . දෙක ලංකාව

අමෙරිකානු ක්‍රිකට් ආයතනයත් ICCයෙන් තහනම් වෙලා ඉන්නේ මේ වෙනකොට. එහෙම අර්බුධ රාශියක් යටතේ තමයි ICCය විසින් මේ ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ පවත්වන්නේ.

අපි සති 2කට 3කට ඉස්සල්ල අපිම කිව්වා ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙක්ව යවලා කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සලස්වන්න කියලා.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් .ඔහු එහෙ ගිහිල්ලත් තිබෙනවා.

නමුත් මේ ප්‍රශ්න ඇතිවීම සම්බන්ධයෙන් අපි ඔහුගෙන් කරුණු විමසලා තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා.” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!