CID ලොක්කෙක් ‘ජන බලවේගයේ’ ලොකු පුටුවකට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේදී ප්‍රකාශ කර තිබෙනවා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නොවන බවත් පරීක්ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ සොයා බැලිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබුණා.

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් ජාතික ජන බලවේගය සමග කටයුතු කරන අතර එහි විමර්ශන මෙහෙය වූ ප්‍රධානියෙකු ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!