ක්‍රිකට් සභාපති ශම්මිට අධිකරණයෙන් වාරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහට එරෙහි විනය පරීක්ෂණය වළක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම් ක්‍රිෂාන් කපුවත්ත යන දෙදෙනාට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද (15) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ විසින් ශම්මි සිල්වා හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළා.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීති විරෝධීව අත්හිටුවා ඇති සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අදාළ විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පැමිණිලිකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සළකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර විත්තිකරුවන්ට ලබන 29 වැනිදා අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙසට නියෝග අද නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!