කැසිනෝ සමාජ ශාලාවලට වාර්ෂිකව බලපත්‍ර නිකුත් නොකරන බැවින් බදු නිෂ්කාශන වාර්තා අවශ්‍ය නොවන බවත්, කැසිනෝ සමාජ ශාලා බලපත්‍රලාභීන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 1,400 ක හිඟ බදු මුදලක් අයවීමට තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙරටේ කැසිනෝ සමාජ ශාලා පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර හයක් (06) නිකුත් කර ඇතත්, මේ වනවිට සක්‍රියව ක්‍රියාත්මක වන්නේ
සමාජ ශාලා පහක් (05) පමණක් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
බදු නොගෙවා ඇති කැසිනෝ බලපත්‍රලාභීන්ට එරෙහිව ක්‍රියාමාර්ග මේ වනවිට ආරම්භ කර ඇතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, හිඟ කැසිනෝ කර්මාන්ත අය බද්ද වන රුපියල් මිලියන 1,100 ක මුදල අය කර ගැනීම සඳහා වන අභියාචනය අභියාචනාධිකරණයේ මේ වනවිට විභාග වන බවත්, අනෙක් නොගෙවා තිබෙන වාර්ෂික බදු මුදල වන රුපියල් මිලියන 300 සඳහා බැංකු තහනම් නියෝග ඉකුත් වසරේ (2024) නොවැම්බර් මස 04 වැනිදා නිකුත් කර තිබෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කැසිනෝ සමාජ ශාලාවකින් අය කරන බලපත්‍ර ගාස්තුවට අමතරව රුපියල් මිලියන 500 ක වාර්ෂික බදු මුදලක්ද, දළ එකතුව මත බද්දක් ද (පිරිවැටුමෙන් දිනුම් අඩු කිරීමෙන් පසු සියයට 15 ක්) අය කෙරේ. විදේශිකයන් කැසිනෝ ශාලාවලට ඇතුළුවීමේදී බද්දක් අය නොකෙරෙන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඇමරිකානු ඩොලර් 50 ක බද්දක් අය කෙරේ