කැනඩාවේ දී ඝාතනයට ලක්වූ ‘ලාංකිකයන් හය දෙනා’ අවසන් ගමන් ගිය දුක්බර අවස්ථාව

කැනඩාවේ ඔටාවා හී බාර්හේවන් හි දී ඝාතනය ලක් වු ලාංකිකයින් 06 දෙනොගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) සිදුකෙරුණා.

රෝහල්ගතව සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙම අවමංගල්‍ය උත්සව සභාව අමතමින් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ නවරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙය සාමාන්‍ය සිදුවීමක් නොවන බව හා ජීවිත කාලයේ කිසිදාක නොසිතූ කම්පා සහගත සිදුවීමක් බවයි.

පසුගිය බදාදා 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!