ජේතවනාරාමයේ පිපිරීම් හතරක්

බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසට පිපිරීම් දක්නට ඇතිබව වාර්තාවේ. ඩ්‍රෝන කැමරාවක් මගින් ඉහළ කෝණයකින් ගන්න ලද චායාරූපයක් මගින් මේ බව සනාත වෙයි.

මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ මහසෙන් රජුගේ පාලන සමයේදී ඉදිකරනා ලද ජේතවනාරාමය උස අඩි 400ක් ලෙස දැක්වේ. ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන්නෙද ජේතවනාරාමයයි. මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා.මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවත් ය.

ජේතවනාරාමයේ පමනක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ ඔහු වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවද පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!