අනුරපුර යන ගමන් – බලමුද රෝහලේ නටඹුන්

ඇස් අන්ධ සෞඛ්‍ය ලොක්කන්ට නොපෙනෙන විනාශය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙමින් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා,.

ඉදිකිරීම් අවසන් භාගයේ පැවතුණද, කොන්ත්‍රාත්කරු එය අතහැර දමා ගොස් ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසුවා.

හදිසි ආපදා ඒකකය

අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට රුපියල් මිලියන 650 කට අධික මුදලක් වැය කරමින් ඉදිකිරීමට නියමිතව තිබූ හදිසි ආපදා ඒකකය මේ වනවිට සමරු ඵලකයකට පමණක් සීමාවී ඇතැයි ද නගරවාසීහු සඳහන් කළා,

හදවත් රෝගීනට ප්‍රතිකාර සඳහා ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි

ඵසේම ජපන් ආධාර යටතේ ජයිකා පදනම මගින් හදවත් රෝගීනට ප්‍රතිකාර සඳහා ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි සංකීර්ණය ද සමරු ඵලකයට පමණක් සීමා වී තිබෙන අතර හෙදියන් සඳහා ඉදිකරනු ලබන සිවු මහල් ගොඩනැගිල්ලේ ද ඉදි කිරීම් අතහැර දමා ගොස් ඇති බව දක්නට ලැබෙනවා.

හෙද හෙදි පුහුණු පාසලේ පස්මහල් ගොඩනැගිල්ල

හෙද හෙදි පුහුණු පාසලේ පස්මහල් ගොඩනැගිල්ල ද මේ වනවිට නතර වී ඇති අතර පිළිකා රෝගීන් සඳහා ඉදිකිරීම් ආරම්භ කර ඇති තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මාලය පමණක් අඩක් ඉදිකර ඇතත් එහි වැඩ නිමාවී නැහැ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!