දාහතරකට මරු කැඳවූ ඉන්දියාවේ දැන්වීම් පුවරුව (VIDEO)

ඉන්දියාවේ මුම්බායි නගරයේ සවිකර තිබු විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මුම්බායි නගරයට බලපෑ දරුණු කුණාටු තත්ත්වය සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නගරයේ ඝට්කෝපාර් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පිහිට තිබුණු අඩි 100ක් උස මෙම දැන්වීම් පුවරුව, කුණාටුවේ දරුණු තත්ත්වය හමුවේ ඊට පහළින් තිබු ඉන්ධන පිරවුම්හල මතට කඩා වැටී තිබෙනවා.

මෙම අනතුර නිසා වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහාරාෂ්ට ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!