ලංවිම ට බාලගිරි දෝෂය – බිල අඩුකරන්න උනන්දුවක් නැද්ද?

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

එම යෝජනා මැයි මස පළමු වැනිදාට කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

නමුත් විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය මැයි මස 10 දින එනම් හෙට දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට හෙට දිනට පෙර එම යෝජනා ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව ඒ මහතා පවසනවා.

අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ වන බවත්, විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේ දී ප්‍රකාශ කළ හැකි බවත් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!