ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම (Asian Paints Causeway) ශ්‍රී ලාංකික ප්‍රජා සුභසාධනය වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුව පූර්ණ වශයෙන් පරිවර්තනයකට ලක් කළ වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කළේය. මෙම ව්‍යාපෘතිය ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් දිවයින පුරා පාසල්, රෝහල් සහ සංස්කෘතික ස්ථාන වැනි පොදු මහජන අවකාශයන් නැවත වර්ණ ගන්වන “පැහැබර දිවි” වැඩසටහන යටතේ, එහි තවත් එක් අදියරයක් වශයෙන් ක්‍රියාත්මක කෙරිණි.
මානසික සෞඛ්‍යයට අදාළව මනෝභාවයන්, හැසිරීම සහ ශාරීරික ප්‍රතිචාරයන් කෙරෙහි පරිසරයේ වර්ණ විසින් දක්වන බලපෑම විද්‍යාත්මකව තහවුරු කෙරී ඇති අතර එනිසා මානසික නිරෝගීබවට උපකාරී වන ආරක්ෂිත, සුවපහසු, නිස්කලංක පරිසරයන් නිර්මාණය කිරීම සඳහා මෙම විද්‍යාත්මක දැනුම ලෝකය පුරා උපයෝගී කරගනු ලබයි. විශේෂයෙන්ම වැඩිහිටි මානසික රෝගීන්ට සුදුසු ප්‍රතිකාර පරිසරයක් නිර්මාණය කිරීමේදී වර්ණ භාවිතය හරහා කාංසාව අවම කිරීම, සන්සුන් බව වර්ධනය කිරීම සහ රෝගීන්ට සුරක්ෂිත සහ සුවපහසු හැඟීමක් ලබා දීම නිරන්තරයෙන් සිදු කෙරෙන්නකි. එමෙන්ම නිසි ආකාරයට තෝරා ගන්නා වර්ණ සංයෝජනයන් හරහා රෝගීන්ගේ ජානනීය ක්‍රියාකාරීත්වය, හැඟීම් ක්‍රියාකාරීත්වය, සුවදායක නින්ද, සන්සුන් බව වර්ධනය කිරීම සහ මානසික ප්‍රතිකාර සඳහා යෝග්‍ය මනෝභාවයක් ඇති කිරීම සිදු කළ හැකිය.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුවෙහි ක්‍රියාත්මක කෙරුණු “පැහැබර දිවි” ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් වැඩිහිටි විශේෂඥ මනෝවෛද්‍ය මධුශානි ඩයස් මහත්මිය මෙසේ පැවසුවාය “වයෝවෘධ මානසික ප්‍රතිකාරවල සාර්ථකත්වය සඳහා ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ ප්‍රතිකාර කරන පරිසරයක් නිර්මාණය කිරීම අතිශය වැදගත්. මනෝවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ සිදු කෙරී ඇති පර්යේෂණ ගණනාවක් හරහා පරිසරයේ වර්ණ සහ මානසික තත්ත්වයන් අතර පවතින සම්බන්ධතාවය නැවත නැවත තහවුරු කෙරී තිබෙනවා වගේම එම දැනුම ලෝකය පුරා මානසික ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. මේ විවිධ වර්ණ සහ මනෝභාවයන් අතර ඇති සම්බන්ධතාවය අනුව අපේ රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින් හට රෝගීන් ජීවත් වෙන පරිසරයට යොදා ගත යුතු වර්ණ ගැන අපි උපදෙස් ලබාදීමත් සිදු කරනවා. අපේ අරමුණ වුණේ රෝගීන්ට තමන් සිටින්නේ රෝහලක යන කාරණය අමතක කරවන පරිසරයක් නිර්මාණය කිරීමයි. වැඩිහිටි වාට්ටුව සඳහා වර්ණ තෝරා ගැනීමේදීත් අපි මේ ආකාරයටම රෝගීන්ට සුවපහසු සුරක්ෂිත හැඟීමක් එක් කරන වර්ණ තෝරා ගැනීමට කටුයතු කළා”.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ අලෙවි ප්‍රධානී අනුරාධ එදිරිසිංහ මහතා මෙසේ පැවසීය “ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි වාට්ටුව කේන්ද්‍ර කරගෙන සිදුකෙරුණු “පැහැබර දිවි” ව්‍යාපෘතිය ලාංකික ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් අපේ කැපවීම නැවත තහවුරු කරන අතරම වර්ණ සම්බන්ධයෙන් අප සතු විශේෂඥතාවය ප්‍රජාවට සාධනීය වෙනසක් සිදු කිරීමට යොදා ගන්නා ආකාරය පිළිබඳවත් උදාහරණ සපයනවා. අපේ මේ උත්සාහය හරහා අංගොඩ ජාතික මානසික ආයතනයේ නේවාසිකව සහය ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සාධනීය ප්‍රතිකාර කරන පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වීම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කැප වුණු ආයතනයක් වශයෙන් අපට විශාල සතුටක් බව පැවසිය යුතුයි”.
“පැහැබර දිවි” වැඩසටහන ඒෂියන් පේන්ට් කෝස්වේ සමාගම සිය ශක්‍යතාවයන් සහ විශේෂඥතාවයන් ආශ්‍රයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් ඉටු කිරීමේ දැක්ම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන සමාජ සත්කාරක ව්‍යාපෘතියකි. මෙම ව්‍යපෘතිය යටතේ පොදු අධ්‍යාපනික ආයතන සහ සංස්කෘතික ස්ථානවල සිට සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දක්වා පුළුල් පරාසයක පොදු ස්ථාන ආවරණය කෙරෙන අතර ඒ හරහා දිවයින පුරා විසිරුණු බහුවිධ ප්‍රජාවන්ගේ සුභසාධනය තහවුරු කිරීමටත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමටත් සමාගම අපේක්ෂා කරයි. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ සිදු කෙරුණු “පැහැබර දිවි” ව්‍යාපෘතිය වැනි සැබෑ පරිවර්තනයක් සිදු කළ හැකි, ඵලදායී සමාජ සත්කාරයන් හරහා මේ ආකාරයට අඛණ්ඩවම සැබෑ මහජන සේවයක් සැපයීම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ අපේක්ෂාවයි.