දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති 3 වැනි එක්දින තරගය අතුරතුරදී තරගය නැරැඹීමට පැමිණ සිටි මවක් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී නීරෝගි පිරිමි ළමයෙකු බිහි කළාය.
“නීරෝගි පුතුගේ උපත පිළිබඳව රබෙන්ග් මහතාට සහ එම මහත්මියට සුබපැතුම්” යනුවෙන් නිවේදනයක් ලකුණු පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට තරග සංවිධායකයෝ අමතක නොකළහ.
ක්‍රීඩාංගණයේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී දරුවා ප්‍රසූත කරන ලද අතර, වෛද්‍යවරුන් රබෙන්ග් පවුලට තම දරුවා එක්කර දීමට විශාල වෙහෙසක් දැරීය.