චීනයට අයත් නෞකාවක් ලංකාවේ තිබියදී ‘ මුහුදේදී හමුවූ’ ඉන්දියානු ඩ්‍රෝන යානාව

චීනයට අයත් වෛද්‍ය නෞකාවක් ලංකාවේ නැංගුරම් ලා තිබියදී, ත්‍රිකුණාමල මුහුදේදී හමුවූ ඩ්‍රෝන යානාව ඉන්දියානු ආරක්ෂක අංශ වෙත අයත් යානාවක් බව ආරක්ෂක අංශ ආරංචිමාර්ග සදහන් කරයි.

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් ගුවන් ආරක්ෂක පුහුණු සැසියක් පවත්වා ඇති අතර ඒ සදහා මෙම ඩ්‍රෝන යානාව යොදාගෙන ඇති බවද අනාවරණය වේ. ඉන්දියාවේ චාන්දිපූර් ප්‍රදේශයේ පිට ඉන්දීය ගුවන් හමුදාව මෙම ඩ්‍රෝන යානා පුහුණුව සිදු කර තිබේ.

මෙසේ හමුවූ ඩ්‍රෝන යානා වර්ගය 1980 දශකයේදී බ්‍රිතාන්‍ය විසින් දියුණු කරන ලද ඩ්‍රෝන වර්ගයකි.

මීට පෙර 2020 වසරේදීද මේ ආකාරයට ඉන්දියාව විසින් ගුවන් ගත කරනු ලැබූ නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් මුහුදට කඩා වැටී තිබියදී සොයා ගනු ලැබීය.