චමරි අගයන්න අද සිදුවන දේ

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු අගැයීමේ උත්සවයක් අද (15) සවස කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙනවා.

චමරි නායකත්වය දරණ හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු, ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතයි.

චමරි මේ වන විට අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල එක්දින තරගවලින් අංක එකේ ස්ථානයේ පසු වන අතර මේ වන විට ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර ලොව දක්ෂතම ක්‍රීඩිකාවක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමකටත් ලක්ව සිටිනවා.

චමරි වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක්ද අද එළි දැක්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!