නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී අනවශ්‍ය ඇගිලි ගැසීම් සිදු නොවන බවට වග බලාගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දෙයි.
අමාත්‍යමණ්ඩලය ඇතුළු දේශපාලන බලධාරීන් විසින් අපරාධ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීම නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරන බවද නීතිඥ සංගමය ජනාධිපතිවරයාට සිය ලිපිය මගින් සදහන් කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය යැවූ ලිපිය මෙසේය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B 92/2009 දරන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය සලකා බැලිය හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරයි.
නීතිපතිවරයා ප්‍රසිද්ධ චරිතයක් වුවද, එබැවින් ඔහුගේ තීරණ සම්බන්ධයෙන් මහජනතාවට වගකිව යුතු නමුත්, නීතිපතිවරයා අපරාධ කටයුතුවලදී අර්ධ අධිකරණ භූමිකාවක් ඉටු කරන බව සඳහන් කළ යුතු බව එම ලිපිය පෙන්වා දෙයි.
ඒ අනුව විමර්ශන අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි අනුව සැකකරුවෙකුට චෝදනා එල්ල කරනවාද නැද්ද යන්න තීරණය කිරීම නීතිපතිවරයා සතුය.
නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීමට සුදුසු බවත් රිට් අධිකරණ බලය හෝ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමෙන් එවැනි ක්‍රියාමාර්ග ගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එබැවින්, සැකකරුවෙකු නිදහස් කිරීමට හෝ නඩු පැවරීමට ගන්නා ඕනෑම තීරණයක් නීතියට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමාලෝචනයට යටත් වේ.
අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන බලධාරීන් විසින් අපරාධ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස විශ්වාස කරයි.
එබැවින් නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු නොවන බවට වග බලා ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි