ප්‍රකෝටිපති අම්බානිගේ මගුල් ගෙදර ‘ආහාර පිසූ’ ලංකාවේ සූපවේදීන් මෙන්න

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ලංකාවේ සූපවේදීන් 13 දෙනෙකු ද එක්ව සිට තිබෙනවා.

මෙම සූපවේදීන් පිරිස ඇගයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන ඇති අතර එක් සූපවේදිනියක් ද ඊට ඇතුළත් වී සිටියා.

විවාහ මංගල උත්සවයට සහභාගී වන පිරිස සඳහා දිවා ආහාරය සහ රාත්‍රී ආහාර පිළියෙල කිරීම ඔවුන්ගේ වගකීමවූ බවයි වාර්තා වන්නේ.

මංගල සාදයට එක්වූ මෙම පිරිස අද උදෑසන යළි මව්බිමට පැමිණියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!