සමස්ත ලංකා කොට්ටපොර ශූරතාවලිය

ETHNOSPORT FEDERATION සංවිධානය කරන සමස්ථ ලංකා කොට්ට පොර ශූරතාවලිය 2024 මේ මස 19 වනදා පෙරවරු 8.30ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වාද්දුව පොලිස් ස්ථාන භූමියේදී.

මැයි මස 19 වනදා පෙරවරුවේ තරගාවලිය ආරම්භවීමට පෙර පැමිණ තරගය සඳහා ලියාපදිංචි විය යුතුයි.

පිරිමි සහ ගැහැණු වශයෙන් වෙන් වෙන්ව තරග පැවැත්වෙනවා.

තරගයට සහභාගී වී පළමු,දෙවන සහ තෙවැනි ස්ථාන දිනාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිළිවෙලින් රන්,රිදී,ලෝකඩ පදක්කම්,සහතික පතක් සහ මුදල් ත්‍යාග හිමිවෙනවා.

එමෙන්ම තරගයට සහභාගී වන සියලු දෙනාටත් සහතික පතක් පිරිනැමෙනවා.

පිරිමි කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තුන්දෙනෙක් සහ අතිරේක ක්‍රීඩකයෙක් සිටිය යුතුයි.

එසේම පිරිමි කණ්ඩායමක් සඳහා රුපියල් දහසක සහ කාන්තාවන් සඳහා රුපියල් දෙසිය පනහක මුදලක් අයකෙරෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!