ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී කණිෂ්ඨ නිලධාරියෙක්ට ගුවන් හමුදාපතිධූරය ලබාදීමට කටයුතු කරමින් තිබෙන බව ආරක්ෂක අංශ ආරංචිමාර්ග සදහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී කණිෂ්ඨ නිලධාරියෙක්ට මෙසේ ගුවන් හමුදාපතිධූරය ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර උණුසුම් තත්වයක් උද්ගතවී තිබෙන බවද එම ආරංචිමාර්ග සදහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී කණිෂ්ඨ නිලධාරියෙක්ට ගුවන් හමුදාපතිධූරය ලබාදීම නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් විශ්‍රාම යාමට සූදානමින් සිටින බවද අනාවරණය වේ
මේ අතර හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ගුවන් පථ ඉදිකිරීමේ කොන්ත්‍රාක් සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ගේ ආයතනයක මැදිහත්වීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වෙමින් ති්බන බවට ආරක්ෂක අංශ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය වෙයි.