ලොරියක් ඉන්ධන ගෙනා දුම්රියේ හැපේ – තිදෙනෙක් රෝහලට

රාගම පේරලන්ද දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායක රෝහල්ගතකර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරුට ද මෙම අනතුරෙන් තුවාල සිදුවුණා.

කටුනායක ගුවන්තොටුපොළට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් දුම්රිය එන්ජිමට ද හානි සිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!