මුහුදු රළවල උස වැඩිවේ – වෙරළාසන්න ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

මුහුදු රළවල උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනය දැක්වෙනවා.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි සඳහන් වන්නේ.

එසේම එම වෙරළතීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවද එහි සඳහන් වනවා.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!