දක්ෂිණ අධිවේගයේ පින්නදූව සහ ඉමදූව අතර 95 කිලෝමීටර් කනුව ආසන්නයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.
ඒ හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙනවා.
අදාළ අනතුර ලොරි රථයේ ටයරයක් පුපුරා යාමෙන් සිදුවූ බවයි පොලිසිය පවසන්නේ.