අද පූර්ණ සූර්යග්‍රහණයක් – ලංකාවට නොපෙනේ ලෝකයට පෙනේ

අද (08) පස්වරුවේ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනුනත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතයි.

අපේ රටේ වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන්වනවා.

ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය සඳහන්කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!