ලක්ෂ 25ක් වටින මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත රාගම වල්පොල බටලන්ද ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදමින් රථවාහන පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 102යි මිලිග්‍රෑම් 940ක් හමුවූ බව පොලීසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘බාස් රොෂාන්’ නමින් හඳුන්වන රාගම කැන්දලියැද්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව පොලීසිය සඳහන් කරනවා.

අදාළ සැකකරු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවද මේ වනවිට හෙළිවී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!