T20ට යන ශ්‍රී ලංකා සංචිතය එළිදක්වපු හැටි (VIDEO)

ජුනි මස පළමුවැනිදා සිට විසි නවවෙනිදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අපේ රටින් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (9)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළි දැක්වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය T20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය එළිදැක්වුවේ වෙනස්ම ආකාරයට.

ඒ තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ නම් ප්‍රේක්ෂකයින් විසින්ම ප්‍රකාශ කරන ආකාරයට සකස් කළ වීඩියෝවක් තුළින්.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

එමෙන්ම තවත් අමතර ක්‍රීඩකයින් හතර දෙනෙකුත් කණ්ඩායමට කැඳවීමට කටයුතු කර තිබෙනවා.

එම ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව පහතින් ඔබට බලාගත හැකියි.

ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මැයි මස 14 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා.

T20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේ මේ ආකාරයට,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!