ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කර තිබෙනවා.

මෙම පත්වීම සිදුකර ඇත්තේ අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇති අතර අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!