ඉන්දි­යාවේ පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක්

මේ වසර අග­භා­ග­යේදී ඉන්දීය ගුවන් හමු­දාව එරට තුළ පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක් සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙ­රි­කාව, බ්‍රිතා­න්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව, ප්‍රංශය, ජර්ම­නිය, ජපා­නය, සිංග­ප්පූ­රුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට­වල ගුවන් හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යා­ස­යට එක්වී­මට නිය­මිත බවත් එම මාධ්‍ය වැඩි­දු­ර­ටත් පෙන්වා දෙනවා.

එම ගුවන් අභ්‍යා­ස­යට ක්වෝඩ්, නේටෝ වැනි ජාත්‍ය­න්තර සංවි­ධා­න­ව­ලට අයත් රට­වල් ද, යුරෝ­පයේ ප්‍රබ­ල­තම රට­වල් ලෙස බ්‍රිතා­න්‍යය, ප්‍රංශය හා ජර්ම­නිය ද එක්වන අතර, ‘තරංග් ශක්ති – 2024‘ නමින් පැවැ­ත්වී­මට නිය­මිතයි.

අදි­යර දෙක­කින් යුතුව පැවැ­ත්වෙන බහු­ජා­තික ගුවන් අභ්‍යා­සයේ පළමු අදි­යර ලබන අගෝ­ස්තුවේ පළමු දෙස­තිය තුළ දකු­ණු­දිග ඉන්දි­යාවේ පැවැ­ත්වෙන අතර, දෙවැනි අදි­යර අගෝස්තු මස අව­සන් භාගයේ දී ඇරඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!