ඔරුවල වානේ..කැලණි ටයර්.. ග්‍රහලෝකාගාරය හැදීමේ වරදට රටින් පන්න ගත්ත ‘සිංගප්පූරුවට මැලේසියාවට දියුණු වෙන්න උදවු කළ ‘ ලංකාවේ කොන්ක්‍රීට් කුලේ ගැන නොදන්නා අයටයි මේ(VIDEO)

  


කවුරුත් ඒ.එන්.එස්. කුලසිංහ යයි කිව්වත් ඔහුගේ සම්පූර්ණ නම වූයේ අරමාදුර නන්දසේන සිල්වා කුලසිංහය. ජාඇළ උදම්මිට ග්‍රාමයේ ඔහු උපන්නේ 1919 ඔක්තෝබර් 26 වැනිද‌ාය. කුලසිංහගේ පියා නමින් අරමාදුර සුජිත් සිල්වා කුලසිංහ උදම්මිට ගම්පතිවරයා විය. සිව් හැවිරිදිව සිටියදී කුලසිංහයන්ගේ මව මිය ගිය බැවින් මව් සෙනෙහසට වඩා කුඩා කුලසිංහ ලැබුවේ තමන්ට වඩා වසර 12ක් වැඩිමල් අක්කාගේ සෙනෙහසය.  


වාද්දුව පිරිමි ඉංග්‍රීසි පාසලෙන් අධ්‍යාපනය ඇරඹි කුලසිංහයන් තම පාසල් අධ්‍යාපනය හමාර කළේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙනි. පළමු වාර පරීක්ෂණයෙන්ම පළමු වැනියා වූ කුලසිංහ නම් ශිෂ්‍යයා ගණිතය, භෞතික විද්‍යාව විෂයන්ට අමතරව සිංහල භාෂාව තෝරාගැනීම ගුරු මණ්ඩලයේ කසුකුසුවට හේතු විය. එය සිංහල භාෂාව පහළට දමා තිබූ අභියෝගාත්මක වකවානුවක් වූ නිසා විය යුතුය. පාසල් අධ්‍යාපනය ලබන අතරම කාර්මික විද්‍යාලයේ කුලසිංහයන් හවස පන්තියේ අධ්‍යාපනය හැදෑරුවේ ශිෂ්‍යත්ව දෙකක් දිනාගනිමිනි.  


කුලසිංහ නාමය කියූ සැණින් අප මතකයට එන්නේ කොන්ක්‍රීට්ය. එහෙත් ඔහුට සුවිශේෂ සංගීත හැකියාවන් තිබූ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.  


.  


1939 දෙවැනි ලෝක යුද සමයේ විභාග නැවතුණත් නිකං බලන් සිටියේ කුලසිංහ නොවේ. නෝටන් බ්‍රිජ් ජල විදුලි බලාගාර යෝජනා ක්‍රමයේ තාක්ෂණික සහකාර තනතුරක් ඔහු භාරගත්තේ දිනකට රුපියල් දෙකයි ශත හතළිස් අටේ වැටුපකටය. 1943 දී නෝටන්බ්‍රිජ් ජල විදුලි බලාගාරයේ නේවාසික ඉංජිනේරුවා ලෙස පත්වූ කුලසිංහයන් 1944 දී වරාය සේවයට එක්වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවකු ලෙසය. නෝටන්බ්‍රිජ් වේල්ලේ මූලික ආකෘතිය සංශෝධනය සිදුවූයේ 21 හැවිරිදි කුලසිංහ නම් ගැටවරයාගේ දෑතින් බව මෙහි සඳහන් නොකළොත් බලවත් අඩුපාඩුවකි.  
කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් ගැන බොහෝ අත්හද‌ා බැලීම්වලට තෝතැන්න වූයේ වරාය භූමියයි. ලෝක යුද්ධයෙන් වරායට වූ හානි බොහෝය. කුලසිංහයන්ගේ ‘නද ගැන්වීම් ආශ්‍රිත’ කොන්ක්‍රීට් පර්​ෙ‌ය්ෂණ ගැන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ පූර්ණ විශ්වාසය හිමිවිය. කුලසිංහයන් වරාය අධිකාරියේ සභාපති තනතුරට පත්වෙන්නේ 1963 දීය. බණ්ඩාරනායක මැතිනියගේ යුගයේදී කැලණිය ටයර් කම්හල, යක්කල ලංකා ලෝහ කම්හල, ඔරුවල වානේ කම්හල ඉදිකිරීමේදී ඉදිකිරීම් සඳහා රාජ්‍ය ආයතනයක් ගොඩනැගිලි මූලික අදහස කුලසිංහයන්ගේය.  


මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ කර්මාන්ත ඇමැති. මේ කර්මාන්තවලට මුදල් දුන්නේ රුසියාව. නමුත් ලංකාවේ ව්‍යාපාරිකයෝ, හිතපු තරම් ලාභ නැති නිසා රුසියන්කාරයින් එක්ක ඉදිකිරීම් කරන්න කැමති වුණේ නැහැ. 1962 ජනවාරි 02 වැනිද‌ා විශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවූයේ ඊට පස්සේ තමයි. යනුවෙන් කුලසිංහයන් තම මතකය එද‌ා අවදි කළේය. නමුත් 1970 වෙන විට කුලසිංහයන් ඉංජිනේරු සංස්ථාවෙන් නෙරපන්නට සියලු කුමන්ත්‍රණ ඵල දරා හමාරය. නව තනතුරු ඉවත දරා ගෙදර ගිය කුලසිංහයන් මලයාසියාව පිළිගත්තේ ඉමහත් හරසරිනි. ඒ මැලේසියාවේ ECATE (ඉකාගෝ) නම් ජාත්‍යන්තර වැඩ පිළිවෙළටය. කුලසිංහයන් කොන්ක්‍රීට් බෝට්ටු හදන්නට මැලේසියානුවන්ට ගුරුහරුකම් දුන්නේ මේ යුගයේදීය. මෙහි දෛවෝපගත සිදුවීමක් ද විය. එවකට නිවාස අමාත්‍යවරයා වූයේ පීටර් කෙනමන්ය. අඩු වියදම් නිවාස ගැන උපදෙස් ගැනීමට නිවාස ඇමැතිවරයා මැලේසියාවට ගියේය. දේශන පැවැත්වූයේ අපේ ඉංජිනේරු සංස්ථාවෙන් පලවා දැමූ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා මවිතයට

පත්කරන්නක් විය.  


අපේ රටේ කිසි දින බුද්ධිමතකුට ඉඩ දෙන්නේ නැත. වරක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර් කොටන් ගැන උපදෙස් ලබාගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි. ඔවුනට කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන් කොන්ක්‍රීට් සිල්පර ගැන කුලසිංහගෙන් ඉගෙන ගැනීමය. කුලසිංහගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලක් රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු සිය රට බලා ගියහ.