ඉකුත් ජනවාරි 23 වැනි දා, ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක දී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන පසුව ඔහු පලායාමට උත්සහ කිරීමේ දී, පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි පහරින් මිය ගිය සැකකරු කමාන්ඩෝ බලකායෙන් පැන ගිය සොල්දාදුවෙක් බව අනාවරණය වී තිබෙනවා.
මේ අතර එම සැකකරු, කුලියට මනුෂ්‍ය ඝාතන රැසක් ම සිදු කළ පුද්ගලයෙකු බවත් අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මාධ්‍ය හමුවේදී පැවසුවේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටිය දී පළායාමට උත්සාහ දරා ඇති අතර, එහි දී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් ඔහු මිය ගොස් තිබෙනවා.
ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී යි අත්අඩංගුවට ගනු ලැබුවේ.
32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.