මධ්‍යම පළාතේ රෝහල්වල අද සෞඛ්‍ය වර්ජනයක්

අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා රජය නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා,

මේ ප්‍රශ්නයේ මුලික කාරණය විසඳලා ඉවරයි. දීමනාව දෙන්න තීරණය කරලා, චක්‍රලේඛයත් නිකුත් කරලා ඉවරයි. පොඩි කොටසකට තමා මේ දීමනාව දැනට අහිමිවෙලා තියෙන්නේ. පෙරදීමනාව නොගෙවීම යන කාරණාව මත. ඒ අයට දීමනාව දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා අපි සෞඛ්‍ය ඇමතිතුමාට කිව්වා. එතුමා ඒක මං හිතන්නේ කරනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න ඒ අය තීරණය කරලා තියෙනවා. ඒ තීරණයට ටිකක් කල්දීලා මේක විසඳන්න කටයුතු කරන්න අවස්ථාව දෙන එක හොඳයි.”

මේ වන විට රට මුහුණ දී ඇති තත්ත්වය අනුව මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!