විහාරස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

අද (11) පෙරවරුවේ දඹාන කුකුළාපොත සුනුත්තර මහා විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට වන පුවතක් වාර්තා වනවා.

එම විහාරයේ, විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයටයි මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ.

ඉන් එම කාමරයේ ජනෙල් වීදුරු බිඳී ගොස් ඇතත් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

අදාළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ, මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ගම්මානයේ සිදුවන ජාවාරම්වලට විරෝධය දැක්වීම හේතුවෙන් එකී ජාවාරම්කරුවන් පිරිසක් විසින් බවට සැක කරන බවයි.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට පොලිසිය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වාර්තා වනවා.