අකුරණ ප්‍රදේශයේ ගින්නක් නිසා ප්‍රධාන මාර්ගයක් වසා දමයි

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසනවා.

ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බවත් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.