1983 ‘කළු ජූලිය’ ඛේදවාචකය සහ ඉන් ඇති වූ බලපෑම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (28) පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව පත් කිරීම පිළිබඳව නිවේදනය කළේය.
1983 වසරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවල බලපෑම අධ්‍යයනය කර ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවට පැවරී ඇති වගකීමයි.
ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සහ එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා වන යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද මෙම කාරක සභාව කටයුතු කරනු ඇත.
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද නියෝජිතයින් මෙම කාරක සභාවට ඇතුළත් වේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්:
අමාත්‍ය සරෝජා පෝල්රාජ් (සභාපතිනි), අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් , පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන්
පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක