දූෂණ විරෝධය හොඳයි, ඒත් පන්ති වෛරය පැතිරවීම හොඳ නෑ .

වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ අගය කරන නමුත්, ඉන් ඔබ්බට ගිය ප්‍රතිපත්තියක් ආණ්ඩුවට නොමැති වීම සහ පන්ති වෛරය පැතිරවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය කණස්සල්ල පලකළාය .

ඇය මේ ලෙස අදහස් දක්වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සමානාත්මතා වැඩසටහන මගින් සම්පාදිත ‘VORTEX’ 5 වැනි කළාපය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි .

ආණ්ඩුවේ තම ‘විශිෂ්ට’ දූෂණ විරෝධී වැඩපිළිවෙළ හැර වෙනත් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව පැවසූ ඇය එහිදී වැඩි දුරටත් මෙසේ සඳහන් කළාය.

“මේ වත්මන් රජය ගැනත් මගේ චෝදනාව වන්නේ, ඉතා විශිෂ්ට දෙයක් වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ හැර ඔවුන්ට වෙනත් ප්‍රතිපත්තියක් නොතිබීමයි. වෙන කිසිවක් නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය. අනෙක් පන්තියට එරෙහිව පන්ති වෛරය පතුරුවමින් ඉදිරියට යාම හැර වෙන කිසිවක් එතැන නැහැ” යි හිටපු ජනාධිපතිනිය පැවසුවාය.