සලේගේ පෙත්සමේ තීන්දුව කල් යයි .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් සුරේෂ් සලේ විසින් එම පෙත්සම ගොනු කර තිබුණි .

අදාළ පෙත්සමේ නියෝගය අද (27) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ අදාළ නියෝගය ජනවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.