එයාර් බස් නඩුවේ නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රංශ කාන්තාවක් ශ්‍රී ලංකාවට එයි .

ලොව පුරා Airbus සමාගමේ දූෂණ චෝදනා විමර්ශනය කළ ප්‍රමුඛ ප්‍රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් ලෙස නම් කර ඇතිබව වාර්තා වේ .

ප්‍රංශයේ Forensic Risk Alliance (FRA) ආයතනයේ ප්‍රධානියා වන යූසර් කලීල් (Yousr Khalil), Airbus සමාගම සම්බන්ධයෙන් සිදුකළ ජාත්‍යන්තර දූෂණ හා අනුකූලතා විමර්ශනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ තැනැත්තිය ලෙස සළකණු ලබයි . ඒ අනුව ඇය ශ්‍රී ලංකාවට පැමිණ නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේදී සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වේ .

ඇයට අමතරව Airbus සමාගමේ උප සභාපති Karl Hennessee ද මෙම නඩුවේ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇත . Airbus සමාගම සහ එහි ලොව පුරා සිදුකළ ගුවන් යානා අලෙවිය සම්බන්ධයෙන් වසර හතරක අධිකරණ වෝහාරික විමර්ශනයක් මෙහෙයවූ Yousr Khali, එම විමර්ශනයේදී අල්ලස් ලබාදීමේ චෝදනාවට අදාළ ජාලයක් අනාවරණය කරගැනීමට කටයුතු කරනා ලදි .

ප්‍රංශය සහ එක්සත් රාජධානියේ නීති විශේෂඥයන්ගේ සහභාගීත්ත්වයෙන් සිදුකළ එම විමර්ෂණයන් මගින් එවකට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක වටිනාකමකින් යුත් ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව අනාවරණය විය .