අයවැයට එරෙහිව 25 වනදා විශ්වවිද්‍යාල සේවකයෝ වැඩ වර්ජනයක .

එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි .

මේ පිළිබඳව අදහස් දක්වමින් එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසූවේ අයවැය ලේඛණය මගින් අපේක්ෂිත සහන නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළැඹීමට විශ්වවිද්‍යාල කාර්යමණ්ඩළයන්ට සිදුවූ බවයි .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස පැවසීය

“එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ එක්කම අපි මේවන විට සැළසුම් කරලා තියෙනවා එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංකේත වැඩවර්ජනයක් සමගින්”