වැඩවර්ජන අසාධාරණයි .

රාජ්‍ය සේවයේ වැටුප් අවස්ථා තුනකදී ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇති පසුබිමක ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීම සාධාරණ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය . ඔහු මේ බව පැවසූවේ යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි .

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු නීති වර්තමාන ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කර නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇතිබව ඔහු සඳහන් කළේය .

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත.