ලාබාංශ ලබදෙන බව කියමින් පුද්ගලයන් 2,000 කට ආසන්න පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති පෞද්ගලික සමාගම් දෙකක අධ්යක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත .
මෙම සමාගම් දෙම මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටා ඇති බවත්, එම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇතිබවත් වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.