ඇමති වසන්ත ලාෆ් ගෑස් බස්සයි .

ලාෆ්ස් ගෑස් සමාගම සිය මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා පහත හෙලා ඇති අතර එය රුපියල් 745 ක මිල අඩු කිරීමකි .

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය .

කෙසේ නමුත් ගෑස් මිල වැඩි කිරීම ගැන කරුණු විමසීමට ඊයේ (16) දින පාරිභෝගික අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් එහි කැඳවූ අවස්‍ථාවේද ගෑස් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ දැමීමට එකඟතාව පලකළ බව වාර්තා වේ .