අයවැයට විරෝධය පා වාරිමාර්ග තාක්ෂණ සහයකවරු අද ලෙඩ වෙති .

2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ සංගම් රැසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතබව වාර්තා වේ .

ඒ අනුව වාරිමාර්ග තාක්ෂණ සහයකවරුන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් රාජකාරී කටයුතුවලින් ඉවත් වී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත .

එම සංගමයේ සභාපති සමන් තුෂාර වෛද්‍ය රත්න ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“”වාරිමාර්ග ක්ෂේත්‍රයේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සහායක නිලධාරීන් 450 කට අධික පිරිසක් සේවය කරනවා. නමුත් අප සංගමයේ නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙනවා. අප සංගමයේ නිලධාරීන් පැය 24 පුරාම අඛණ්ඩව ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වෙනවා. මෙම සියලුම නිලධාරීන්ට තම පෞද්ගලික මුදලින් ඉන්ධන වියදම් දැරීමට සිදුව තිබෙනවා. එම වියදම් තවදුරටත් දරා ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති නිසා තමයි අපි මෙවර අයවැයෙන් යම් සහනයක් ලැබේවි කියලා බලාපොරොත්තු වුණේ. නමුත් අපට එවැනි සහනයක් ලැබුණේ නැහැ. ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට අප කටයුතු කළා. දින දෙකක් තුළ අපගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා නම් සාකච්ඡා කිරීමට අප සූදානම්. ‘’
අපට එවැනි සහනයක් ලැබුණේ නැහැ. ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට අප කටයුතු කළා. දින දෙකක් තුළ අපගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා නම් සාකච්ඡා කිරීමට අප සූදානම්. ‘’