ගිරිඋල්ල නාරංගමුවේ අනතුරකින් එක් අයෙක් මරුට

ගිරිඋල්ල – මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව වාර්තා වේ.

ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් ඇති බව පොලිසිය පවසයි. මරණකරු යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 29 ක් වූ තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.