ජාත්‍යන්තර වෙළෙඳපොළේ එල්.පී. ගෑස් (LPG) මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත පිරවුම් මිල ගණන් ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඉහළ නංවා ඇත .
නව මිල සංශෝධනය අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965 සිට රුපියල් 6,740 ක් දක්වා ඉහළ දමා ඇත . ඒ අනුව රුපියල් 1,775 කින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ඉහළ ගොස් ඇති අතර
කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 1,988 ක මුදල රුපියල් 2,720ක් දක්වා රුපියල් 732කින් ඉහළ නංවා ඇති බව සඳහන් වේ . ඒ අනුව,මෙම සංශෝධිත මිල ගණන් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි .