මත්තල ගුවන්තොටුපළ සඳහා ලබන වසරේදී ආයෝජකයෙකු තෝරා ගැනීමේ සැලැස්ම පිළිබඳව ද ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත්කරමින් තොරතුරු හෙළිකළේය .
මත්තල ගුවන්තොටුපොළ 2013 වසරේ සිය වාණිජ මෙහෙයුම් ආරම්භ කලද එය දිගින් දිගටම පාඩු ලබනා බවත්, එබැවින් මත්තල ගුවන් තොට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර සමාගම් වලින් මේවනවිටත් අභිලාෂ කැඳවා අවසන් බවත් ජනාධිපති අනුර දිසානායක සඳහන් කළේය .
“ඇමරිකානු ඩොලර් මිලියන 190ක ණය මුදලකින් ඉදිකර 2013 වසරේදී ගුවන් මෙහෙයුම් ආරම්භ කළත්, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ වන විට රුපියල් මිලියන 70,000කට අධික සමුච්චිත අලාභයක් වාර්තා කර තිබෙනවා.
එපමණක් නොව, මෙම අලාභය වාර්ෂිකව තවදුරටත් ඉහළ යනවා. එබැවින් ගුවන්තොටුපළ මෙහෙයුම්, දත්ත මධ්‍යස්ථාන, ආහාරපාන සැපයුම් සේවා සහ ගුවන් යානා සේවා හා නඩත්තු කටයුතු යන අංශ ජාත්‍යන්තර සමාගම් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා දැනටමත් අභිලාෂ පළ කිරීම් කැඳවා අවසන් කර තිබෙනවා.
තෝරාගත් සමාගම්වලින් යෝජනා කැඳවීමට මේ වන විට පියවර ගනිමින් පවතින අතර, ලබන වසර වන විට මේ සඳහා නව ආයෝජකයින් තෝරා ගැනීමට අපි අපේක්ෂා කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය .