අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 03 ක් ගැටී සිදු වූ බිහිසුනු අනතුරින් මියගිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරු, අනතුර සිදුවන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බව මූලික පොලිස් විමර්ශන සහ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ .
මියගිය රියැදුරුගේ මුත්‍රා නියැදි සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී ගංජා සහ මත්පැන් යන දෙවර්ගයම ඔහුගේ ශරීරගතව ඇති බව තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් 10 වැනිදා මහනුවර – යාපනය (A9) ප්‍රධාන මාර්ගයේ රඹෑව, වැලිඔය හන්දිය ආසන්නයේදී මෙම බිහිසුණු අනතුර සිදු විය.
එම අනතුරින් ශ්‍රී ලංගම බස් රථ රියැදුරෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් මගීන් 76 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ජනකපුර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අක්කරපත්තුව සිට යාපනය බලා ධාවනය වූ තවත් ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ද කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයේ පිටුපස ගැටීමත් සමඟ මෙම අනතුර සිදු විය .